ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth මහතා පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණේය.
විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ අතර වත්මන් රජය විසින් පුනර්ජනනීය බලශක්තිය සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කිරීමට ගෙන ඇති දුර්දාන්ත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහි දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.















