
පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
ඒ අනුව, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ යළිත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මැදපෙළ පිතිකරු චරිත් අසලංකට මෙවර සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති අතර, ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ද සංචිතයෙන් ඉවත්වීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව මෙම එක්දින තුන්කොන් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වෙති. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු තරගාවලිය සඳහා අද (04 දා) පෙරවරුවේදී පාකිස්තානය බලා පිටත්ව ගියේය.
- පැතුම් නිස්සංක
- අවිශ්ක ප්‍රනාන්දු
- කමිල් මිශාර
- කුසල් මෙන්ඩිස් (නායක)
- පවන් රත්නායක
- සහන් ආරච්චිගේ
- කමිඳු මෙන්ඩිස්
- ජනිත් ලියනගේ
- දසුන් ශානක
- දුනිත් වෙල්ලාලගේ
- මහීෂ් තීක්ෂණ
- සචිඳු කොළඹගේ
- දුෂ්මන්ත චමීර
- අසිත ප්‍රනාන්දු
- දිල්ෂාන් මධුශංක
- එෂාන් මාලිංග















