මහත්මා ගාන්ධිතුමාගේ 157 වැනි ඡන්ම සැමරුමට අගමැති හරිනි එක්වෙයි

අහිංසාවාදයේ පුරෝගාමියා වන මහත්මා ගාන්ධිතුමන්ගේ 157 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ගාන්ධි ජයන්ති සැමරුම් උළෙලට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 02 වැනිදා අරලිය ගහ මන්දිරයේදී එක්වූවාය.

අග්‍රාමාත්‍යතුමියගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් පැවැත් වූ අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය සහ ඉන්දියානු මහකොමසාරිස් තුමන් විසින් ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර පුද කළහ.

මහත්මා ගාන්ධිතුමන්ගේ ජීවිතය හා දර්ශනය තුළින් ලෝකයට දායාද කළ සාමය, අවිහිංසාව සහ සහජීවනය පිළිබඳ පණිවුඩය සිහිපත් කරමින් මෙම සැමරුම සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාව⁣ට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website