ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (28) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ඉන්ධන සහනාධාරය සඳහා රුපියල් බිලියන 41 ක් වෙන් කර ඇති බව ද ජනපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
‘වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ අද (27) ගම්පහ නගර සභා පිටියේ දී පැවැති ජනහමුව අමතමින් ජනපතිවරයා මේ බව හෙළි කළේය.















