
අද (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
“ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලැබූ මෙම විරෝධය අද (24) උදෑසන 9.30ට පමණ පොල්දූව මංසන්ධියෙන් ආරම්භ විය.
මෙම විරෝධතාව සඳහා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටී.
උදෑසන සිට ප්‍රදේශයට ඇදහැලෙමින් පැවති වර්ෂව නොකතා විරෝධතාකරුවන් විශාල පිරිසක් විරෝධතාවයට එක්ව තිබේ.















