ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRI) විසින් අද (21) දින පෙරවරුවේ ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් වන්න (රතු) නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය වලංගු වන දිස්ත්රික්ක සහ ඊට අදාළ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ පහත දැක්වේ.
- ගාල්ල දිස්ත්රික්කය – නෙළුව
- කළුතර දිස්ත්රික්කය – වලල්ලාවිට
- මහනුවර දිස්ත්රික්කය – පස්බාගේ කෝරලේ
- කෑගල්ල දිස්ත්රික්කය – මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඕවිට
- නුවරඑළිය දිස්ත්රික්කය – නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ කොත්මලේ බටහිර
- රත්නපුර දිස්ත්රික්කය – රත්නපුර












