දිස්ත්‍රික්ක 08ක ප්‍රා.ලේ. කොට්ඨාශ 26කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක්

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඊයේ රාත්‍රී 10.00ට ඉදිරි පැය 24ට වලංගු වන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය අනුව නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත දැක්වේ.

  1. කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක
  2. ගාල්ල දිස්ත්‍රික්කය: නාගොඩ, තවලම
  3. කළුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය
  4. මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරලේ, උඩපළාත
  5. කෑගල්ල දිස්ත්‍රික්කය: වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල
  6. මාතර දිස්ත්‍රික්කය: අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
  7. නුවරඑළිය දිස්ත්‍රික්කය: තලවකැලේ
  8. රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website