පෑලියගොඩ ප්රදේශයේ පුද්ගලික ආයතනයක් වෙත භාණ්ඩ රැගෙන එන සැක සහිත බහාලුමක් පිළිබඳව කොළඹ මධ්යම පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී වෙත පසුගිය දිනක තොරතුරක් ලැබී ඇත.
බහාලුම තුළ තිබූ භාණ්ඩවල හිමිකරුවන් කැඳවා කොළඹ මධ්යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ශ්රී ලංකා රේගුව, පොලිස් මත්ද්රව්ය කාර්යංශය, පොලිස් නිල සුනඛයින් සමඟ එම සැකසහිත බහාලුම 2026.09.16 වන දින විවෘත කිරීමට කටයුතු කර තිබේ.
කැඳවීමට අනුව කළගෙඩිහේන ප්රදේශයෙන් පැමිණ සිටි පුද්ගලයෙකුගේ නමට බහලුම තුළ තිබූ පාර්සලයක තිබී නීති විරෝධී විදුලි සිගරට් 220ක ප්රමාණයක් තිබී සොයාගැනීමට එහිදී නිලධාරීන් සමත්වී ඇත.
තවදුරටත් සොයාබැලීමේදී හිමිකරුවන් පැමිණ නොසිටි පාර්සල් 07 ක තිබී විද්යුත් සිගරට් 1249 ක්, එම සිගරට් නැවත පිරවීමට යොදාගන්නා කුඩා පෙට්ටි 145ක්, විද්යුත් සිගරට් කාටිජස් 94ක්, ශරීරය පැහැපත් කිරීමට යොදාගන්නා රූපලාවන්ය ද්රව්ය අඩංගු ග්රෑම් 400 බැගින් අඩංගු ටින් 1520 ක් සොයාගැනීමට හැකිවී තිබේ.
මෙම සියළු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරීම සඳහා ශ්රී ලංකා රේගුව භාරයට ගෙන ඇත.
කොළඹ මධ්යම කොට්ඨාසභාර නිලධාරී ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ මධ්යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම නීති විරෝධී භාණ්ඩ තොගය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.















