නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා කෘෂි රක්ෂණ වන්දි ගෙවීම අඛණ්ඩව – ගොවීන් 2712කට වන්දි ගෙවා අවසන්

එල් නිනෝ තත්ත්වය යටතේ නියයෙන් හානියට පත් වගාවන් සහා වන්දි ගෙවීම අඛණ්ඩව සිදුවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අද (16) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සහන් වේ.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, විපතට පත් ගොවීන් 2712 දෙනෙකුගේ වගා බිම් අක්කර 3110ක් වෙනුවෙන් රුපියල් මිලියන 71ක් ගෙවා නිමකර ඇති බවයි.

මෙහි දී හානියට පත්, වී, බඩඉරිඟු, ලොකු ළුෑණු, අර්තාපල් සහ මිරිස් යන බෝග හය වෙනුවෙන් හෙක්ටයාර එකක් සඳහා රුපියල් 100,000ක් ලෙස උපරිම අක්කර පහක් සඳහා වන්දි ලබා දීම සිදුවේ.

මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන ආකාරයට හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් හානියට පත්ව ඇත.

මෙම වන්දි මුදල් කඩිනමින් ගෙවන ලෙස කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා උපදෙස් ලබා දී ඇති බව ද මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website