කතානායක ජගත් වික්රමරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් දයාසිරි මහතා පොදු රාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සහභාපතිවරයාට සහ මහ ලේකම්වරයාට ඊයේ (13) අභියාචනයක් යොමු කර තිබේ.
මෙම ලිපියෙන් දයාසිරි ජයසේකර මහතා 2026 සැප්තැම්බර් 10 වන දින පාර්ලිමේන්තුවේ වරප්රසාද ප්රශ්නයක් මතු කිරීමට කථානායක ජගත් වික්රමරත්න මහතාට අවසර දීම ප්රතික්ෂේප කිරීම පිළිබඳ කනස්සල්ල ඉස්මතු කළේය.
පිටු තුනකින් යුත් මෙම දීර්ඝ ලිපියෙන් දයාසිරි ජයසේකර මහතා පහත සඳහන් කරුණු පොදු රාජ්ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ අවධානයට යොමු කර ඇත.
- මෙම කාරණය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මන්ත්රීවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කාරණයක් ලෙස සලකන්න.
- තත්වයන් සාධාරණත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ පිළිගත් මූලධර්මවලට අනුකූලද යන්න තක්සේරු කරන්න.
- වරප්රසාද ප්රශ්නය ආචාර ධර්ම හා වරප්රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම දිරිමත් කරන්න.
- කථානායකවරයා ප්රශ්නයට අවසර දීම ප්රතික්ෂේප කිරීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයට සහාය වීම.
- පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ කතා කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා එහි වරම තුළ තවදුරටත් ක්රියාමාර්ග ගැනීම.
තේරී පත් වූ මන්ත්රීවරුන්ට සභාවේ මුලසුන හොබවන නිලධාරියාටම අදාළ වරප්රසාද කරුණු මතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙම ගැටලුව පාර්ලිමේන්තු වගවීමේ හදවතට පහර දෙන බව ජයසේකර මහතා සිය ලිපියෙන් උපුටා දක්වා ඇත.
මෙම ලිපිය පහත දැක්වේ.

















