ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම 2026 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පාකිස්තානයේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාව මුලින්ම පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරගාවලියකට ක්‍රීඩා කරනු ඇත.

මෙයින් පසුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය ඇතුළත් ත්‍රි-ජාතික එක්දින ජාත්‍යන්තර (එදිජා) තරගාවලියක් පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකින් සංචාරය අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website