මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන කෝටි 10කට අධික දේපොළ තහනම් කළ බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නිවේදනය පහත පළ වේ.
පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2020.05.14 වන දින ජිප් රථයක් මගින් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. පොලිස්පති නියමයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයද එම සැකකරුවන්ගේ දේපළ සම්බන්ධව විමර්ශනයක් ආරම්භකර ඇත.
එමගින් අනාවරණය කරගත් තොරතුරු මත පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පහත දේපල උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
• මහර, කඩවත ලිපිනයේ පිහිටි පර්චස් 19.90 ක විශාල ඉඩම හා එහි ඉදිකර ඇති දෙමහල් නිවස (දළ වටිනාකම රුපියල් ලක්ෂ 500 පමණ)
• සිංහාරමුල්ල, කැලණිය ලිපිනයේ පිහිටි පර්චස් 18ක විශාල ඉඩම හා එහි ඉදිකර ඇති දෙමහල් නිවස (දළ වටිනාකම රුපියල් ලක්ෂ 500 පමණ)
මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදීගෙන ඇති බවට සැලකෙන රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් එම දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් 2026.09.10 දින සිට දින 14 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන ඇත.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම දේපළ සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකරයි.
















