වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව දැනට 34%ක් දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
2026 යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ වන විට අවසන් වී ඇති අතර, සැප්තැම්බර් අවසානය දක්වා පානීය ජල අවශ්‍යතා කළමනාකරණය කිරීමට පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල සම්පාදන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
මේ අතර මහවැලි අධිකාරිය පවසන්නේ මහවැලි අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන ජලාශවල සාමාන්‍ය ධාරිතාව 50%කට වඩා වැඩි වන අතර, පානීය ජලය සඳහා ජලය නිකුත් කිරීමේ ගැටලුවක් නොමැති බවයි.
අම්පාර ප්‍රදේශයට ජලය සපයන සේනානායක සමුද්‍රයේ ජල මටට්ම 25%ක දක්වා පහත වැටී ඇති නමුත් එමගින් ද කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම අවසන් වී ඇති බැවින්, සැප්තැම්බර් අග වන විට වර්ෂාපතනය ලැබෙන තෙක් පවතින ධාරිතාව පවතිනු ඇතැයි බලධාරීන් පැවසුවේය.













