බේකරි හිමියන් සහ පාන් අලෙවි කරන වෙළෙඳුන්ගේ විශේෂ අවධානයට: පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිය කියා දෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන අංක 93 අනුව,

  • සම්පූර්ණ පාන් ගෙඩියක සම්මත බර ග්‍රෑම් 450 කි.
  • අර්ධ පාන් ගෙඩියක සම්මත බර ග්‍රෑම් 225 කි.
  • පාන්වල බර පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතුය.

බර අඩු පාන් හමු වූ විට, අලෙවි කළ වෙළෙන්දා පමණක් නොව එම පාන් නිෂ්පාදනය කළ බේකරියද හඳුනාගෙන පරීක්ෂා කරනු ලැබේ. වරද තහවුරු වුවහොත් අදාළ වෙළෙන්දාට සහ නිෂ්පාදකයාට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.

විධාන අංක 83 අනුව, පාන් අලෙවි කරන වෙළෙන්දා විසින් එම පාන් ලබාගත් බේකරිය හෝ සැපයුම්කරු විසින් නිකුත් කළ බිල්පත, රිසිට්පත හෝ ඉන්වොයිසිය තබාගත යුතුය. එවැනි ලේඛන නොමැති අවස්ථාවලදීද නීතිමය ක්‍රියාමාර්ග ගත හැක.

  • නියමිත බරින් පාන් නිෂ්පාදනය කරන්න.
  • නිවැරදි තොරතුරු සමඟ අලෙවි කරන්න.
  • බිල්පත් සහ අදාළ ලේඛන තබාගන්න.
  • පාරිභෝගික විශ්වාසය රකින්න.

📞 පැමිණිලි සහ තොරතුරු සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website