ආපදාවන්ට මුහුණ දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳ අවධානය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෙන්ච් ( Marc-André Franche, UN Resident Coordinator) මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදි විශේෂ අවධානය යොමු විය.
එල්නිනෝ තත්වය තුළ ඉදිරියේදී ඇති විය හැකි අපදාවලට මුහුණ දීම සඳහා වූ රජයේ වැඩිපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඒ සඳහා රජයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් පැහැදිලි කරනු ලැබිණ.
එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස රජයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවද මාර්ක් ඇන්ඩෘ මහතා එහිදී සඳහන් කළේය.















