නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අංශයේ තොරතුරු තමා වෙත ලබා දෙන ලෙස තොරතුරු කොමිෂම නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළ බව වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි.
අද (07) සිය ෆෙස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඇය මේ බව හෙළි කළාය.
අය විසින් තැබූ සටහන පහත දැක්වේ.
“ළමයාගෙ උපරිම යහපත උදෙසා” යන ගෝලීය මූලධර්මය අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ ළමා ආරක්ෂණ අංශය/CH Unit ස්ථාපිත කෙළේ 2004 දීය. එම අංශයට ලැබෙන ළමා අපයෝජන ගොනු සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග සහ කාල සීමාවන් පැහැදිලි නිර්නායක ලබා දී ඇතත් ඕනෑම නඩුවක් දීර්ඝ කරගන්න පහසුම ක්‍රමය වී ඇත්තෙ නීතිපතිට යොමු කිරීමයි. එතනින් එහාට නඩුව අඟලක් හෙල්ලෙන්නෙ නෑ.
‘ළමා හිංසනයට තිත’ පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක ගොනු කළ තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කල නීතිපති දෙපාර්තමේන්තුවට එදිරිව තොරතුරු කොමිසමේ ද අභියාචනයක් ඉදිරිපත් කළා. ඉල්ලූ තොරතුරු අතර CH අංශයේ Standard Operation Procedure/SOP අඩංගු අභ්‍යන්තර චක්‍රලේඛයද වේ.
2026 සැප්තැම්බර් 11 දාට පෙර ඉල්ලූ සියලු තොරතුරු අභියාචක වෙත ලබා දෙන ලෙස තොරතුරු කොමිෂම නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළා”.













