ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජනීය කරඬුව වැඩම කරවන “වාසනා” හස්තියා මින් ඉදිරියට ප්‍රධාන ඓතිහාසික සිද්ධස්ථාන හැර වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා ලබා නොදීමට තීරණය කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහැර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, එලෙස විවිධ ස්ථාන වෙත දීර්ඝ ලෙස රථවලින් ප්‍රවාහනය කිරීම නිසා ඇතාට දැඩි වෙහෙසක් හා පීඩාවක් සිදුවන බවත් ඔහු පැවසුවේය.
වාසනා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රමුඛතාව ලබාදෙමින් මෙම තීරණයට එළඹි බව ද මධුශංක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මේ වන විට වාසනා හස්තියා 58 වැනි වියේ පසුවන බව ද ඔහු පැවසුවේය.













