දේශීයව නිෂ්පාදනය කරන ලද ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අද (04) ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, ග්රෑම් 155 කෑන් එකක උපරිම මිල රුපියල් 220 – රුපියල් 260 අතර විය යුතු අතර ග්රෑම් 425 කෑන් එකක උපරිම මිල රුපියල් 510 – රුපියල් 600 අතර විය යුතුය.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ, කිසිදු දේශීය නිෂ්පාදකයෙකු, ඇසුරුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා යන මිලකට නිශ්චිත ටින් මාළු වර්ග විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බව නිවේදනයේ සඳහන් වේ.
මෙම නියෝගය 2026 සැප්තැම්බර් 5 වන දින සිට ක්රියාත්මක වේ.















