හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීම ගැන අල්ලස් කොමිෂමේ නිල නිවේදනය

දූෂණ චෝදනා මත හිටපු සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයෙකු සහ ඩිසයින් පොයින්ට් පුද්. සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (04) නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය. එම නිල නිවේදනය පහත දැක්‌වේ.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී, නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිළ ගණන් ඉදිරිපත් කරන ලද ආයතනයෙන් මිලදී නොගෙන, ඩිසයින් පොයින්ට් පුද්. සමාගම නැමති ආයතනයෙන් මිලදී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50 (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහ) ක පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් සිදුකර “දූෂණය” නැමති වරද සිදුකිරීම හා ඒ සඳහා “ආධාර අනුබලදීම” යන චෝදනාව මත හිටපු සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු සහ ඩිසයින් පොයින්ට් පුද්. සමාගමේ හිමිකරු, පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයවළුන් 2026.09.04 වන දින පිළිවෙලින් පෙ.ව. 9.25ට සහ පෙ.ව. 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website