ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය වූ ‘දුටුගැමුණු’ (1979) නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ.
පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අර්ථසාද් මහතා මිය ගොස් ඇති අතර, මිය යන විට ඔහු 73 වැනි වියේ පසුවිය.
ගිවන්ත අර්ථසාද් මහතා ශ්‍රී ලාංකේය සිනමා සහ රූපවාහිනී ඉතිහාසයේ සජීවීකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) ක්ෂේත්‍රයන්හි පුරෝගාමියෙකු ලෙස සැලකේ.
සජීවීකරණයට අමතරව චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක හෙතෙම සිය දක්ෂතා දක්වා ඇත.
ගිවන්ත අර්ථසාද් මහතා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු ද වේ.
ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කෙටි කාලයක් සේවය කර තිබේ.















