කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු අද (3) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් වාහන සහ නිල නිවාස අවභාවිතා කළ බවට කුලරත්න මහතා සහ තවත් පාර්ශ්ව කිහිපයක් විසින් 2026 පෙබරවාරි 02 වන දින අල්ලස් කොමිෂම හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලට අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදුවේ.
පැමිණිල්ල පිළිබඳ විමර්ශනයට අදාළ ලියකියවිලි සමඟ පාර්ලිමේන්තු නිලධාරීන් කොමිසම හමුවේ පෙනී සිට ඇත.













