22 වන ව්‍යවස්ථා සංශෝධනය එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත්

අධිකරණ විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ඉහළ දැමීමට යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අද (02) පෙරවරුවේ දී දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම් විභාග කරනු ලැබේ.

ඊයේ (01) උදෑසන 10.00ට ආරම්භ වූ මෙම පෙත්සම් විභාගය රාත්‍රී 10:30 දක්වා පැවැතියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website