GMOA සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයත් 22 ට විරුද්ධයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සංවිධාන සමඟ එක්ව යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට තීරණය කළ බව එම සංගම්වල නියෝජිතයින් තහවුරු කර තිබේ.

මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (30) බදුල්ලේ පැවැති ජන හමුවකදී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගැනීමට රජය කිසිසේත් පියවර නොගන්නා බව අවධාරණය කළේය.

අද (31) 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමේ අවසාන දිනය වන අතර මේ වන විට පක්ෂ – විපක්ෂ පෙත්සම් 30ක් ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website