අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2027 වසර සඳහා පාසල් වාර දින දර්ශනය, රජයේ නිවාඩු දින සහ ප්‍රධාන විභාග සඳහා කාලසටහන් දක්වා ඇති චක්‍රලේඛය ඊයේ (20) දින නිකුත් කර ඇත.
අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් ද රජයේ නිවාඩු දින සහ විභාග කාලසටහන් සැලකිල්ලට ගනිමින් 2027 වසර සඳහා දින 197 ක් ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම චක්‍රලේඛය පහත දැක්වේ.


















