හිටපු ඇමති අකිල ලක්ෂ 50ක පුද්ගලික ඇප මත මුදා හරී

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (18) නියෝග කළේය.

මේ සමඟ හිටපු අමාත්‍යවරයාගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු ද ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව සැකකරුවන් රුපියල් මිලියන 5 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනාටම විදේශ ගමන් තහනමක් ද පැනවීය.

අල්ලස් කොමිෂමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website