2026 වසරේ ජූලි මාසය සඳහා වන VAT බද්ද අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කර ඇත.
බදු නොගෙවීම හෝ ප්රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
චෙක්පතකින් හෝ බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදු කරන ලබන ගෙවීමක් නියමිත දිනය පසුවී ලැබීම ද ප්රමාද ගෙවීමක් ලෙස සලකන බව සඳහන් කරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව 2026 ජූලි මාසය සඳහා වන VAT බදු වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතු බව ද සිය නිවේදනයෙන් සිහිපත් කරයි.















