22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව සාර්ථක බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසයි.
අද (12) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
මෙම සාකච්ඡාවෙන් පසු ජනපතිවරයා ගත් තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කී අමරසූරිය මහතා වැඩි දුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයා සමඟ දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළ බවයි.
















