දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක පවතින අධික වර්ෂාව හේතුවෙන් පවුල් 769කට අයත් පුද්ගලයින් 2,971 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා කණ්ඩායම් 11ක් සහ යාත්‍රා යොදවා ඇති බව ද අවශ්‍ය වුවහොත් පිටත් කර යැවීමට තවත් කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පැවසීය.











