මහවැලි, කැළණි සහ කළු ගංඟාවල ජල මට්ටම් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අලුත්ම නිවේදනය

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (04) දින පෙ.ව 06.30ට කරන ලද යාවත්කාලීන වාර්තාවේ සඳහන් වන්නේ නාගලගම් වීදිය ජල මාපකයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවත්, හංවැල්ල සහ  ග්ලෙන්කෝර්ස් යන ප්‍රදේශය වෙත ජලය ගලා එමින් පවතින බවයි. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට ‘අවධානයෙන්‘ සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර කළුගංඟාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කලවැල්ලව ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර, කළු ගඟේ රත්නපුර අවට සුළු ගංවතුර තර්ජනය අඩු වෙමින් පවතී‍

පේරාදෙණිය අවට මහවැලි ගඟේ ජල මට්ටම අඩු වෙමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website