
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන වගොල්ලාගොඩ බෝධිරක්ඛාරාම මහා විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමය නියමිත සුවිසල් ධර්මශාලා ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
එහි දී මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් 215,000ක් වටිනා සිමෙන්ති කොට්ට 100ක් පරිත්‍යාග කිරීම ද සිදු කරන ලදී. අනතුරුව ඒ පුන්‍ය අවස්ථාව හා පැමිණ සිටි ජනතාව ආමන්ත්‍රණය කිරීමට ද ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.














