සජිත්ගේ විශේෂ සාකච්ඡවට හිටපු ජනපති රනිල් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් රැසක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් අද (23) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයේදී රැස්වූහ.

අධිකරණයේ ස්වාධීනත්වයට එහි ඇති විය හැකි බලපෑම පිළිබඳව විපක්ෂයේ පක්ෂවලින් විවේචන එල්ල වී ඇති යෝජනාව සම්බන්ධයෙන් පොදු විපක්ෂයේ ස්ථාවරයක් සකස් කිරීම සඳහා ප්‍රේමදාස මහතා විසින් මෙම රැස්වීම කැඳවන ලදී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සාකච්ඡාවට සහභාගී වීම විශේෂත්වයකි.

මෙම සාකච්ඡාවට නාමල් රාජපක්ෂක, නිමල් සිරිපාල ද සිල්වා, සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ටිරාල් අලස්, විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website