මිල්කො සමාගමේ අලෙවි නියෝජිත ප්‍රණාම උළෙල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

මිල්කො සමාගමේ අලෙවි නියෝජිත ප්‍රණාම උළෙල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මොනාක් ඉම්පීරීයල් හෝටලයේදී ඊයේ (21) දින පැවැත්විණ.

පසුගිය පාලන කාලයන් තුළ ආදායම් උත්පාදනය කර ගැනීමට නොහැකිව විකුණා දැමීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය වත්මන් ආණ්ඩුව යටතේ වැඩිම ආදායමක් ලබමින් එම ලභාංශ කිරි ගොවියන්ට හා සේවකයන්ට බෙදා දීමක්ද සිදු විය.ඒ සඳහා දායකත්වය ලබා දුන් මිල්කෝ සමාගමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ට අලෙවි ඉලක්ක සපුරා ලීම වෙනුවෙන්  මෙහිදී ප්‍රනාම සහ ඇගයීම් ලබා දීම සිදු විය.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

“බඩල්ගම තියෙනවා, කර්මාන්තශාලාවක් ඒක දැනට ප්‍රාග්ධනයක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ප්‍රාග්ධනයක් බවට පත්කරන්න. ප්‍රාග්ධනයක් නම් ඒක වැඩිවෙන්න ඕනේ. දැන් මිල්කො ආයතනය ප්‍රාග්ධනයක් බවට පත්කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒකට විශේෂ වටිනාකමක් තියෙන්නේ. මේ ආයතනය ප්‍රාග්ධනයක් බවට පත්කරන්න මැදිහත් වුණු උදවිය තමයි අද මෙතන ඉන්නේ. ඒ සියලුදෙනාටම අපේ ආණ්ඩුවේ ගෞරවය හිමිවෙනවා.

අපේ රටේ ප්‍රෝටීන් පරිභෝජනය ටිකක් අඩුයි. මිල්කො ආයතනය හරහා සියල්ලම මිලදී ගන්නේ ප්‍රෝටීන්. අපි කිරි නිෂ්පාදනයෙන් 35%ක් 40%ක් විතර අපි නිෂ්පාදනය කරගන්නවා. අනිත් ඒවා අපි පිටින් ගේනවා. අපිට වුවමනාව තියෙනවා මේ අගය ඉක්මනින් වැඩි කරගන්න. අපි කිරි නිෂ්පාදනයෙන් සෑහෙන පිටුපසින් ඉන්නේ.

අපි කෑමටත් හුරුවෙලා ඉන්නේ වැඩිහරියක් කාබෝහයිඩ්‍රේට්. මේ දවස්වල ඕවා කියන්න ගිහින් හොඳ කාටූන් එහෙමත් තියෙනවා. පාන්, බත් අන්තිමට අපි ආහාරයට අරන් තියෙන්නේ ග්ලූකෝස්. සීනී අඩු ඒත් හොඳ රසයක් තියෙන දිවත් පිනවන්න පුළුවන් ප්‍රෝටීන් ප්‍රතිශතයත් වැඩි නිෂ්පාදන ටිකක් අපේ රටට උවමනා කරලා තියෙනවා. ලංකාවේ 51%ක් බෝ නොවන රෝගීන් ඉන්නවා. ඒ නිසා සීනී අඩු ප්‍රෝටීන් වැඩි නිෂ්පාදන හඳුන්වා දීම වැදගත්.”

මෙම අවස්ථාවට මිල්කො සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website