බී.බී.සී. වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා වළදා තිබූ නීතියකට අක්‍රීය වී තිබු පාර්ලිමේන්තු ව්‍යාවහාරයකට නැවත පණදීමට දරණ උත්සාහය ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති හිමිකම් අභියෝගයට ලක් කිරීමක් බව Free Lawyers සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනය පහත පළ වේ.
බී.බී.සී. වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා වළදා තිබූ නීතියකට අක්‍රීය වී තිබු පාර්ලිමේන්තු ව්‍යාවහාරයකට නැවත පණදීමට දරණ උත්සාහය ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති හිමිකම් අභියෝගයට ලක් කිරීමකි.
පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වාර්තාකරණය සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල පුවත් වෙබ් අඩවියේ වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වූ අතර පසුව එම කැඳවීම ඉවත් කර ගත් බව වාර්තා විය. එසේ නමුත් ජූලි 22 සවස 5.36 ට ලැබුණු නැවතත් වාර්තා කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත අදාළ කැඳවීම සිදුවන බව සමාජ මාධ්‍ය මගින් වාර්තා පළ කර ඇත.
කාන්තා සංසදය පිහිටුවාගෙන ඇත්තේ රටේ 52% ක් වන ‘කාන්තාවගේ අයිතීන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ නිදහස හා සමාජ ආර්ථික තත්වයන් පුළුල් කිරීම’ සඳහා මිස මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් බලාත්මක නීති හා සම්ප්‍රදායන් විසින් තහවුරු කර ඇති මානව හිමිකම් සීමා කිරීම සඳහා නොවේ. පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය ආරම්භයේ පටන් ඉතා මෑතක් වන තුරුම පක්ෂ භේදයකින් තොරව එම වගකීම ඉටු කරනු ලැබීය.
තව ද, මෙවැනිම පසුබිමක 1992 සැප්තෑම්බර් 24 දින එවකට රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවීමෙන් පසුව ඇති වූ නෛතික භාවය ෆ්‍රී ලෝයර්ස් සංවිධානය මේ මොහොතේ සිහිපත් කරයි.
විධිමත් නඩු විභාගය විධිමත් ආකාරයකින් සිදු කරන්නේද?
පැමිණිලිකරු විසින් විධිමත්ව චෝදනා ඉදිරිපත් කිරීමක් සිදුකරන්නේද?,
පැමිණිලිකරු හෝ ඔහුගේ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ අයිතියක් විත්ති පක්ෂයට ලැබේද?,තමා වෙනුවෙන් නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීමට හැකියාවක් තිබේද?
පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාවට අධිකරණයක් වශයෙන් ක්‍රියා කිරීමට නීතියෙන් නියම කළ විධිමත් ක්‍රියාපටිපාටියක් තිබේද?
යන මූලික කාරණා සඳහා පැහැදිලි කිරීමකින් තොරව කිසිදු ජනමාධ්‍ය ආයතනයක්, මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීම සිදු නොකළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විශ්වාසය යි.
‘තමාගේ නඩුව තමා විසින්ම ඇසීම’ ස්වභාවික යුක්ති නීතියේ මුලධර්මයන්ට පටහැනිය. දියුණු ශිෂ්ඨ ප්රජාතන්ත්රවාදී ව්‍යවහාරයක් ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත එවැනි පසුගාමී පියවරක් නොතබන්නේ නම් එය හිමිකම් අගයන සියල්ලගේ ගෞරවයට හේතු වනු ඇත.
උක්ත සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ගනු ලැබූ සාධනීය පියවර අපගේ ඇගයීමට ලක්වේ. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට කිසි ලෙසකින් හෝ බාධා කළ යුතු නැත.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න / රජිත් කීර්ති තෙන්නකෝන් / ෆ්‍රී ලෝයර්ස් සංවිධානය















