එල් නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් ඇතුළු දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක කාර්යාලයේ දී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත වරක් රැස් විය.
මේ අවස්ථාව වෙනුවෙන් මෙහි සම සභාපතීත්වය දරන මහචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ද විපක්ෂ නායක කාර්යාලයට පැමිණියෙය.
එහි දී එල්නිනෝ ලානීනා තත්ත්වය සම්බන්ධයෙන් සහ එහි බලපෑම් සිදුවිය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය. දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය Ahimsa Campos Arceiz මහත්මා ද එක්ව සිය වටිනා අදහස් ඉදිරිපත් කරන ලදී.















