ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් පිරවීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියකින් ඉල්ලා සිටී.
මෙම අර්බුදය හරහා නිර්මාණය වන දීර්ඝ කාලීන ප්‍රමාදය යුක්තිය පසිඳලීම සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කළ හැකි ද නීතිඥ සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.
ඉහළ අධිකරණ ද්විත්වයේ පවතින අඛණ්ඩ පුරප්පාඩු හේතුවෙන් අධිකරණ දෙකටම සැලකිය යුතු බරක් පැටවී ඇති බවත්, එම අධිකරණ දෙකෙහිම විනිසුරුවරුන් ඔවුන්ගේ සම්පූර්ණ අනුපූරකයට වඩා 25%කට ආසන්න ප්‍රමාණයක් අඩුවෙන් ක්‍රියාත්මක වන බවත්, එය නඩු කාලෝචිත ලෙස බැහැර කිරීමට බලපාන බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.














