‘#40,000 වින්දිතයන් වෙනුවෙන්’ සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (05) විපක්ෂ නායක කාර්යාලයේ දී ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ය.

විපක්ෂ නායක සජිත් මෙසේ ද පැවසුවේය.

“අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46,000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටිනවා. මෙසේ අපයෝජනයට හා හිංසනයට ලක්වූ දරුවන් ඔවුන්ගේ ළමා කාලය තුළ අදාළ හිංසයන්ට අදාළ යුක්තිය ලැබී නැති බව බොහෝ නිරීක්ෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. මේ 46,000ක් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න අවශ්‍ය පියවර ගැනීම ප්‍රමාද කරන්නේ ඇයිද කියා ප්‍රශ්නයක් තිබෙනවා. මේ පැමිණිලි විභාගයට ගැනීම ප්‍රමාද නොකර අපයෝජනයට, හිංසනයට හිසහ රිහැරවලට ලක්වූ දරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතුයි.

රජය ළමා අයිතිය හා ආරක්ෂණය ගැන ඉහළින් කතා කළ නිසා ඒ කතා ක්‍රියාවට නැංවිය යුතු බවත් 2019 දී ජාතින ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ආරම්භ කර එය 2025 වන විට ක්‍රියාත්මක කරන බවට පැවසුවත් අද වන විට මේ රජය එය ක්‍රියාත්මක කරන්නේ 2029 සිට බවත් 2024 ජනවරම ලබා ළමා පරපුර ආරක්ෂා කරන්න ලැබු වරම ක්‍රියාත්මක කරන්නේ 2029 කියා රජය තීන්දු තීරණ ගන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙය ළමා පරපුරට කරන දැඩි අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ළමා ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරකට සහයෝගය ලබා දෙනවා-

අධිකරණයේ මේ වන විට යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ නඩු 4000ක් ඇති නිසා මේවා කඩිනමින් විභාග කළ යුතු බවත් මේවා ප්‍රමාද වීම පිළිගත නොහැකි බවත් ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය මේ වසරේම ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ සහයෝගය ලබා දෙන බවත් 46000ක් පැමිණිලි විභාග කර යුක්තිය ඉටු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය විශේෂ ඒකක, විධිවිධාන හා විශේෂ කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

#40000 වින්දිතයන් වෙනුවෙන් අපිත් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා –

ළමා අයිතිය සුරක්ෂිත කරන පැහැදිලි වැඩපිළිවෙළක් සදහා රජය ප්‍රවේශ වන ලෙස යෝජනා කරන බවත් #40000 වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට තමාගේම සේම සමගි ජන බලවේගයේ ද පූර්ණ සහයෝගය ලබා දෙන බවත් දේශපාලන ගැටලුවක් කර නොගෙන ළමුන්ගේ අයිතිය සුරක්ෂිත කරන්න වහාම පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website