වොෂින්ටන් අග නගර කලාපය සඳහා අනතුරුදායක තාප තත්ත්වයන් පිළිබඳ අනාවැකි පළ කිරීමත් සමඟ සංවිධායකයින් විසින් ඇමරිකානු නිදහස් දින වාර්ෂික පෙළපාලිය අවලංගු කර ඇත.
එය අද (04) දින පෙ.ව. 10:30 ට සැලසුම් කර තිබුණි. කොලොම්බියා දිස්ත්‍රික්කය සඳහා ජාතික කාලගුණ සේවය විසින් නිකුත් කරන ලද දැඩි තාප අනතුරු ඇඟවීමක් අනුව මෙම තීරණය ගත් අතර, එහිදී නියමිත ආරම්භක වේලාව වන පෙ.ව. 10:30 ට තාප දර්ශක අගයන් අංශක 110 ත් 115 ත් අතර අගයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
පෙළපාළි සංවිධායකයින් පැවසුවේ සහභාගීවන්නන්, නරඹන්නන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පුළුල් ලෙස සලකා බැලීමකින් පසුව මෙම පෙළපාලිය අවලංගු කළ බවයි.
මූලාශ්‍රය: WTOP
















