තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ඉන්දීය ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලබන අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතා (World Test Championship) 2025–2027 තරග චක්‍රයට අයත් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය අගෝස්තු මාසදී ගාල්ල සහ කොළඹදී පැවැත්වේ.
ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වූයේ 2017 වසරේදීය. එම තරගාවලියේදී තරග තුනම ජයගනිමින් 3-0ක තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 9 ක කාලයකින් පසුව වීම විශේෂත්වයක් වේ.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය 2026 අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරග කාලසටහන
- 2026 අගෝස්තු 15 – 19 – පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
- 2026 අගෝස්තු 23 – 27 – දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණය















