ලෝක කුසලානය නීති විරෝධී ලෙස විකාශනය කළ වෙබ් අඩවි 400කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපදය අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
තරඟාවලියේ ජනප්‍රියතාවයෙන් ලාභ ලබන ජාත්‍යන්තර ජාල කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම ව්‍යාජ වෙබ් අඩවි ආරම්භ කර ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
පාපන්දු පාලක මණ්ඩලය වන FIFA සහ NBC Universal සහ Warner Brothers ඇතුළු අනෙකුත් අයගේ සහාය ඇතිව මෙම වෙබ් අඩවි හඳුනාගෙන ඇති බව ද අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.
ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කරන විට සහ පළමු වරට විකාශනය වන විට ඒවායේ තත්‍ය කාලීන ප්‍රවාහ ස්වරූපයෙන් පරිශීලකයින්ට ප්‍රකාශන හිමිකම්-ආරක්ෂිත අන්තර්ගතයන් නීති විරෝධී ලෙස ලබා දීමට මෙම බේ අඩවි කටයුතු කර ඇති බව ද දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
“මෙම වෙබ් අඩවි ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය කරනවා පමණක් නොව, පුද්ගලික සහ මූල්‍ය දත්ත පාවා දිය හැකි අනිෂ්ට මෘදුකාංග ප්‍රහාර සහ අනාරක්ෂිත සම්බන්ධතා ඇතුළු විභව තර්ජනවලට නරඹන්නන් නිරාවරණය කරයි,” ස්වදේශ ආරක්ෂක විමර්ශන භාර විශේෂ නියෝජිත එරික් වෙයින්ඩෝෆ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තරඟාවලියේ තරඟ අනවසරයෙන් ප්‍රවාහ කිරීමට සම්බන්ධ සේවාදායකයන් සහ වෙබ් අඩවි පේරු සහ බල්ගේරියාවේ ඉලක්ක කර ගත් ඒවා බව එම නිවේදනයේ සඳහන් වූ අතර, ක්‍රොඒෂියාව, රුමේනියාව, පෝලන්තය සහ කොලොම්බියාවේ අමතර බාධා කිරීම් සිදු වූ බව පැවසීය.
රොයිටර් ඇසුරිණි















