වරාය අධිකාරියේ අර්බුද ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

වරාය අධිකාරියේ කළමනාකරණ තීරණ හා සේවක සුබසාධන කටයුතු සම්බන්ධ මතුව ඇති ගැටලු නිසා වරාය ක්ෂේත්‍රය සම්බන්ධ බරපතළ තත්ත්වයක් මතුව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවට පැවසුවේය.

කොළඹ වරාය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ජාතික වත්කමක් වේ. මෙහි තරඟකාරීත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාම සහ දිගුකාලීන ආදායම් ජනන කිරීමේ හැකියාව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන නමුත් නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ප්‍රමාද වීම, මෙහෙයුම් සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනයේ පවතින ප්‍රමාදයන් සහ වරාය අධිකාරියේ කළමනාකරණ තීරණ හා සේවක සුබසාධන කටයුතු සම්බන්ධ මතුව ඇති ගැටලු නිසා වරාය ක්ෂේත්‍රය සම්බන්ධ බරපතල තත්ත්වයක් මතුව තිබෙන බව විපක්ෂ නායකවරයා පැවසුවේය.

එහි දී නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය, බදු දීම හෝ වෙනත් ආකාරයකින් පෞද්ගලික අංශයට පැවරීම සඳහා රජය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කිසියම් ප්‍රතිපත්තිමය හෝ පරිපාලනමය තීන්දුවක් ගෙන ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බව ද ඔහු පැවසීය.

ඊට අමතරව වරාය අධිකාරියේ ඉහළ තනතුරු සඳහා සුදුසුකම් සහිත අය සිටියදී සුදුසුකම් නැති අය පත් කිරීමේ පදනම සේම සේවක අයිතිවාසිකම් සුරක්ෂා කිරිම සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කළේය.

මේ සම්බන්ධයෙන් රජයෙන් කඩිනම් පිළිතුරු අපේක්ෂා කරන බව ද විපක්ෂ නායකවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website