‘අපරාධ නිවාරණය සහ වින්දිත උපදේශනය’ ග්‍රන්ථය පොලිස්පති වෙත පිළිගන්වයි

විශේෂ ආරක්ෂක සහ මැතිවරණ භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මහතා විසින් රචිත අපරාධ නිවාරණය සහ වින්දිත උපදේශනය නැමති ග්‍රන්ථය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පිළිගැන්වීම ඊයේ (10) පොලිස් මූලස්ථානයේදී සිදුවිය.

එම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මහතා ශ්‍රී ලංකා පොලිසිය තුල සිටින දක්ෂ ග්‍රන්ථ රචකෙයකු මෙන්ම ගීත නිර්මාණ කරුවෙකුද වෙයි. එතුමා විසින් මීට පෙර 2012 වර්ෂයේදී “මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම සහ පුනුරුත්ථාපනය” නැමති ග්‍රන්ථය සහ 2023 වර්ෂයේදී “පොලිස් නිලධාරීන්ගේ රැකියා තෘප්තිය සහ කාර්යක්ෂමතාවය” යන ග්‍රන්ථයද රචනා කරන ලදී. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් නිර්මාණය කල “මිනිසා නුඹයි”, දළදා වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය කරන ලද “ශ්‍රී දළදා” යන ගීතය මෙන්ම තවත් ගීත රැසක පදරචනයටද දිනේෂ් කරුණානායක මහතා දායක වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website