ඉංජිනේරු සංස්ථාවේ වාහන සාවද්‍ය ලෙස පරිහරණය කළ මාධ්‍ය ලේකම්වරයෙකු අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොදු දේපළ පනත යටතට ගැනෙන වැරිදි සිදුකළ සැකකරුවෙකු ලෙස අනාවරණය වූ සේවා හා පොදු පහසුකම් අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකට අනුව එම සැකකරු විසින් රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන් සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කරමින් රුපියල් 1,746,000/= ක ( රුපියල් දාහත්ලක්ෂ හතලිස් හයදාහක) මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු 52 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශනය ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website