2026.05.31 වන දින රාත්රියේ අවිස්සාවේල්ල – කොළඹ අතර මීගොඩ මංසන්දිය අසල පැවති දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයින් වන දින රාත්රියේ අවිස්සාවේල්ල – කොළඹ අතර මීගොඩ මංසන්දිය අසල පැවති දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 07 දෙනෙකුට බරපතල තුවාල සිදුවිය.
අනතුරට වගකිව යුතු සැකකාර කැබ්රථ රියදුරුව මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නුදුරු ස්ථානයකදී කැබ් රථය සමඟ අත්අඩංගුවට ගත් අතර අනතුර සිදුවූ අවස්ථාවේ කැබ් රථයේ සිට බැසගොස් සැඟවී ඇති බව අනාවරණය වූ කැබ් රථයේ අයිතිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා 2026.06.05 වන දින අප මහජන සහය අපේක්ෂා කරන ලදී.
එම සැකකරුවන් තිදෙනාගෙන් එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නම් සැකකරු සහ අත්තනායකගේ දොන් වසන්ත (කැබ් රථයේ අයිතිකරු) පොලිසියට භාර වී ඇති අතර ඔවුන් ගරු අධිකරණය විසින් 2026.06.06 දින සිට 2026.06.16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර ඇත. ඒ් අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු අනුව දොන් සරත් හෙට්ටිගේ නම් තෙවන සැකකරුද මීගොඩ පොලිස් ස්ථානය විසින් 2026.06.06 දින අත්අඩංගුවට ගෙන ඇත.














