මීගොඩ දන්සැල් පෝළිමට කඩා වැදුණු කැබ් රථයේ සිට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

2026.05.31 වන දින රාත්‍රියේ අවිස්සාවේල්ල – කොළඹ අතර මීගොඩ මංසන්දිය අසල පැවති දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයින් වන දින රාත්‍රියේ අවිස්සාවේල්ල – කොළඹ අතර මීගොඩ මංසන්දිය අසල පැවති දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 07 දෙනෙකුට බරපතල තුවාල සිදුවිය.

අනතුරට වගකිව යුතු සැකකාර කැබ්රථ රියදුරුව මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නුදුරු ස්ථානයකදී කැබ් රථය සමඟ අත්අඩංගුවට ගෙන 2026.06.01 දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ගරු අධිකරණය විසින් සැකකරු 2026.06.16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශනයේදී, මෙම අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු සමඟ පුද්ගලයින් තිදෙනෙතු ගමන් කර ඇති බවත්, රියැදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම පුද්ගලයින් තිදෙනා කැබ් රථයෙන් බැස පලා ගොස් ඇති බවත් අනාවරණය වී ඇත.

01 – සැකකරුගේ විස්තර

නම :- අත්තනායකගේ දොන් වසන්ත
ලිපිනය :- අංක 243/ඩී, කුඩමාදූව, සිද්ධමුල්ල, පිළියන්දල
(කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු වේ)

02 – සැකකරුගේ විස්තර

නම :- එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර්
ලිපිනය :- අංක 342/ඩි, පැලැන්වත්ත, පන්නිපිටිය

03 – සැකකරුගේ විස්තර

නම :- දොන් සරත් හෙට්ටිගේ
ලිපිනය :- අංක 337/07, පැලැන්වත්ත, පන්නිපිටිය.

මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් 02 ක් ක්‍රියාත්මකයි. දක්වා ඇති සැකකරුවන්ගේ ඡායාරූප හොදින් නිරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන යම් තොරතුරක් ලබාදිය හැකිනම් පහත දුරකථන අංක නොපමාව අමතා දැනුම් දෙන්න.

දුරකතන අංක –

ස්ථානාධිපති – මීගොඩ පොලිස් ස්ථානය – 071 – 8592179
ස්ථානාධිපති රථවාහන, මීගොඩ පොලිස් ස්ථානය – 077 – 9494188

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website