ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල ගණන් සහ විනිමය අනුපාත උච්චාවචනයන්හි අභියෝග මධ්‍යයේ වුව ද, ජුනි මාසය සඳහා දේශීය ගෑස් මිල නොවෙනස්ව පවතින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර ඇත.
පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව සමාගම පැවසීය. මෙම තීරණය අනුව මැයි මාසයේ වලංගු මිල ගණන් ජුනි මාසය දක්වා පවතිනු ඇත.
කොළඹ දිස්ත්‍රික්කය සඳහා දේශීය ගෑස් මිල ගණන් පහත පරිදි වේ.
- 12.5kg සිලින්ඩරය – රු. 4,765
- 5kg සිලින්ඩරය – රු. 1,910
- 2.3kg සිලින්ඩරය – රු. 890
















