නාවලපිටිය පොලිස් වසමේ නාවලපිටිය මාපාකන්ද මාර්ගයේ මාපාකන්ද දකුණ ප්රදේශයේදී ඊයේ (04) මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියදුරු, එහි පිටුපස ගමන් කල කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු නාවලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිටුපස කාන්තාවන් දෙදෙනා සහ දරුවා මියගොස් ඇති බවට නාවලපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරියන් අවුරුදු 34 සහ 54 වයසේ සහ දරුවා වයස අවුරුදු 13 ක් වූ මාපාකන්ද දකුණ ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
ත්රී රෝද රථ රියැදුරු නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි. නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












