යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි 09 දක්වා කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව ජූලි 9 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා අද (04) නියෝග කළේය.

වගඋත්තරකාර යෝෂිත රාජපක්ෂ විසින් ගොනු කරන ලද සංශෝධන පෙත්සමක් ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ බවත්, එම නඩුව ජුනි 16 වන දිනට විභාගයට ගැනීමට දින නියම කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website