LPL තේරීම උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හයවැනි වරටත් සංවිධානය කෙරෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තේරීම (Player Draft) අද (ජූනි 1) කොළඹදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර ක්‍රීඩක තේරීම සඳහා දේශීය ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 242 දෙනෙකු ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඔවුන් අතරින් කණ්ඩායම් පහ විසින් අවශ්‍ය ක්‍රීඩකයින් තෝරා ගනු ලැබීය.

කුසපත් ඇදීමෙන් පසු පළමු තේරීම හිමි කරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්ලැටිනම් දේශීය කාණ්ඩය යටතේ අවිශ්ක ප්‍රනාන්දුව තෝරා ගැනීමත් සමඟ මෙවර ක්‍රීඩක තේරීමේ කටයුතු ආරම්භ විය.

ඉහළම වටිනාකමක් සහිත ප්ලැටිනම් දේශීය කාණ්ඩයේදී බිනුර ප්‍රනාන්දු කලම්බු කැප්ස් කණ්ඩායමට එක්වූ අතර, නුවන් තුෂාර කැන්ඩි රෝයල්ස් කණ්ඩායම විසින් ද, මහීෂ් තීක්ෂණ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම විසින් ද, චරිත් අසලංක ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ද තෝරා ගනු ලැබීය.

අනතුරුව පැවැති ප්ලැටිනම් විදේශීය කාණ්ඩයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 41 හැවිරිදි නැමීබියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසේ සිය කණ්ඩායමට එක්කර ගැනීම කැපී පෙනුණු සිදුවීමක් විය.

එම කාණ්ඩය යටතේ මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි පහටම ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු රාහ්මනුල්ලා ගුර්බාස් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබූ අතර, මුජීබ් උර් රෙහ්මාන් කලම්බු කැප්ස් කණ්ඩායමටත්, ෆසල්හක් ෆරුකි දඹුල්ල සික්සර්ස් කණ්ඩායමටත් සහ මුහමඩ් නවාස් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටත් එක්විය.

මෙවර ක්‍රීඩක තේරීමේදී ගෝල්ඩ් දේශීය කාණ්ඩය යටතේ වට තුනක් සහ ගෝල්ඩ් විදේශීය කාණ්ඩය යටතේ එක් වටයක් පැවැත්වුණු අතර, අනතුරුව ක්ලැසික් දේශීය කාණ්ඩය යටතේ වට තුනක් සහ ක්ලැසික් විදේශීය කාණ්ඩය යටතේ වට දෙකක් ද පැවැත්විණි.

වටයකාණ්ඩයජැෆ්නා කිංග්ස්කලම්බු කැප්ස්කැන්ඩි රෝයල්ස්දඹුල්ල සික්සර්ස්ගෝල් ගැලන්ට්ස්
ගිවිසුම්ගතස්ටාර් – දේශීයදුනිත් වෙල්ලාලගේකමිඳු මෙන්ඩිස්ඇන්ජලෝ මැතිව්ස්රීසා හෙන්රික්ස්එෂාන් මාලිංග
ගිවිසුම්ගතස්ටාර් – විදේශීයටස්කින් අහමඩ්බෙන් මැක්ඩර්මට්විජේ ශංකර්දිනේෂ් චන්දිමාල්ලිටන් දාස්
ගිවිසුම්ගතඅයිකන් – දේශීයභානුක රාජපක්ෂකුසල් මෙන්ඩිස්වනිඳු හසරංගදුෂ්මන්ත චමීරදසුන් ශානක
ගිවිසුම්ගතඅයිකන් – විදේශීයශකීබ් අල්හසන්ජිමී නීෂම්මොයිනී අලීසහිබ්සදා ෆර්හාන්රසී වැන්ඩර් ඩුසේන්
i වටයප්ලැටිනම් – දේශීයඅවිශ්ක ප්‍රනාන්දුබිනුර ප්‍රනාන්දුනුවන් තුෂාරමහීෂ් තීක්ෂණචරිත් අසලංක
ii වටයප්ලැටිනම් – විදේශීයඩේවිඩ් වීසේමුජීබ් උර් රෙහ්මාන්රාමනුල්ලා ගුර්බාස්ෆසල්හක් ෆරුකිමුහමඩ් නවාස්
iii වටයගෝල්ඩ්  – දේශීයඩිල්ෂාන් මදුශංකසදීර සමරවික්‍රමකුසල් පෙරේරානිරෝෂන් දික්වැල්ලප්‍රමෝද් මදුෂාන්
iv වටයගෝල්ඩ් – දේශීයකමිල් මිශාරමිලාන් රත්නායකඅසිත ප්‍රනාන්දුපවන් රත්නායකලසිත් කෘෘස්පුල්ලේ
v වටයගෝල්ඩ් – දේශීයට්‍රෙවීන් මැතිව්ජනිත් ලියනගේගරුක සංකෙත්අකිල ධනංජයවි. වියස්කාන්ත්
vi වටයගෝල්ඩ් – විදේශීයඊබ්‍රහිම් සද්‍රාන්ශහන්වාස් දහානිඩැනියල් සෑම්ස්මොහොමඩ් වසීම්අකීෆ් ජාවෙඩ්
vii වටයක්ලැසික් – දේශීයමොහොමඩ් ශිරාස්ජෙෆ්රි වැන්ඩර්සිවිශේන් හැළඹගේධනංජය ලක්ෂාන්සහන් ආරච්චිගේ
viii වටයක්ලැසික් – දේශීයචමිදු වික්‍රමසිංහතනුක දාබරේමුදිත ලක්ෂාන්රමේෂ් මෙන්ඩිස්චාමික කරුණාරත්න
ix වටයක්ලැසික් – දේශීයනුවනිඳු ප්‍රනාන්දුමොවින් සුබසිංහළහිරු උදාරසචිත ජයතිලකතරිඳු රත්නායක
x වටයක්ලැසික් – විදේශීයසංදීප් ලමිචේන්මොහොමඩ් හැරිස්ඩේල් පිලිප්ස්ගුල්බදීන් නයිබ්සෑම් හාපර්
xi වටයක්ලැසික් – විදේශීයලිසාඩ් විලියම්ස්හසන් මහමූද්සශීර් ඛාන්ඩියාන් ෆොරෙස්ටර්මෙහෙදි මිරාස්
xii වටයඇසෝසියේට් ස්ටාර්ඩිපේන්ද්‍ර අයිරීකුෂාල් භූර්ටල්බ්‍රෙන්ඩන් මැකලීන්ශාඩ්ලි ෂොලැක්වික්හයිදර් අලී
xiii වටයඑමර්ජින් – දේශීයකුගදාස් මාතුලන්මල්ෂ තරුපතිසහන් මිහිරවිශ්ව කුමාරදිනුර කලුපහන
xiv වටයඑමර්ජින් – දේශීයප්‍රවීන් මනීෂශාරුජන් ශන්මුගනාදන්දේවා සිල්වාගයන වීරසිංහයූරි කොත්තිගොඩ
xv වටයගෝල්ඩ් ඔප්ෂනල්නිශාන් මදුෂ්කවනුජ සහන්දුෂාන් හේමන්තකසුන් රජිත
xvi වටයක්ලැසික් ඔප්ෂනල් ඇන්තන් ප්‍රග්සන්ඉසිත විජේසුන්දර සචිඳු කොළඹගේ

source: srillankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website