ජනතාව මිලදී ගන්නා සෑම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100ක බරක් දරන බව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේය.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු මේ බව ප්‍රකාහ කළේය.
මෙහි දී නව තීන්දුව සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් සභාපතිවරයා මෙසේ ද පැවසුවේය.
ජනතාව මිලදී ගන්නා සෑම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100ක බරක් තවමත් දරනවා. පසුගිය අප්‍රේල්වලත් පාඩුවක් දැරුවා, ඒ වගේම මැයි මාසයෙත් පාඩුවක් දැරුවා. ඒ වගේම තමයි ජූනි මාසයෙත් රුපියල් 100ක පාඩුවක් දැරීමට සිදුවෙනවා. ඒ වගේම තමයි පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පාඩුවක් දරනවා.
මේ වෙනුවෙන් ආණ්ඩුව රුපියල් බිලියන 57ක් වෙන්කරලා තිබෙනවා. නමුත් ජූනි මාසයෙන් ඒ මුදල් අවසන් වෙනවා. මේ ආකාරයට තව දුරටත් ඉදිරියට ගියොත් අමාරු වෙන නිසා තමයි, ආර්ථිකයටත් බලපෑමක් සිදුනොවන ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කළේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික ඉන්ධන ආනයන වියදම පසුගිය කාලයේ තිබුණේ ඩොලර් මිලියන 100-120 අතර පරාසයකයි. නමත් පසගිය මැයි මාසයේ එය ඩොලර් මිලියනන 522 දක්වා ඉහළ ගියා. මේ තත්ත්වය තමයි පසගිය දිනවල ඩොලරය ඉහළ යාමටත් බලපෑවේ. ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ ඉන්ධන පාරිභෝජනය පාලනය කරන්න කියලා. ඉන්ධන පපරිභෝජනය දිගටම මේ ආකාරයට පැවතියොත් ඒක ඉන්ධන මිලට පමණක් නොවෙයි යළි ඩොලරය ඉහළ යාමටත් බලපෑම් කරනවා. ඒ නිසා මම යළි අවධාරණය කරනවා මේ ඉන්ධන පරිභෝජනය තවත් පාලනය කරන්න අවශ්‍යයි” සභාපතිවරයා ප්‍රකාශ කළේය.















