වාණිජ බැංකු ඔවුන්ගේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත දෙකම වැඩි කිරීමත් සමඟ අඟහරුවාදා දිනට සාපේක්ෂව අද (27) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය විය.
මහ බැංකුව විසින් අද (27) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 330.81ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (26) ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 318.32 ක් ලෙස සටහන් විය.
වාණිජ බැංකු කිහිපයක අද (27) ඩොලර් මිලදී ගැනීමේ හා විකුණුම් මිල ගණන් පහත දැක්වේ.
| බැංකුව | මිලදී ගැනීමේ අනුපාතය – රු. | විකුණුම් අනුපාතය – රු. |
| සෙලාන් බැංකුව | 321.75 | 335.50 |
| NDB බැංකුව | 325.00 | 334.00 |
| මහජන බැංකුව | 322.56 | 331.69 |
| කොමර්ෂල් බැංකුව | 320.99 | 333.00 |
| සම්පත් බැංකුව | 324.50 | 335.50 |












